දකුණු පළාතේ සංවර්ධන කටයුතු සුරක්ෂිත කිරීම සඳහා විශේෂිත සංස්ථාවක් පිහිටුවිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සවස අක්මීමන එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී පැවසීය. මීට පෙර දකුණු කලාපීය සංවර්ධන අධිකාරියක් තිබූ නමුත් එය පසුව අවලංගු කර දැමූ බවත්, නැවත වරක් එය ස්ථාපිත කළයුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.
දකුණු පළාතේ පළමු කර්මාන්තශාලා 100, චීන ආයෝජකයින් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර මේ සඳහා දේශීය ආයෝජකයින්ටද පසුව අවස්ථාව සැලසෙන බවද අගමැතිවරයා එහිදී පැවසීය.
“මට සමහරක් දේශීය ආයෝජකයින් මුණගැසුණා. මම ඇසුවා රටේ සංවර්ධනයට අවශ්‍ය ආයෝජනයන් සැපයීමට හැකිද කියලා. නමුත් ඒ අය කිව්වේ එය කළ නොහැකි කියලයි“
ඒ හේතුවෙන් විදේශීය ආයෝජකයින් අවශ්‍ය බවත් විදේශීය ආයෝජකයින් ලබා නොගතහොත් ගෙවන බදු ප්‍රමාණය වැඩිකිරීමට සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා
ප්‍රකාශ කළේය.

