දකුණේ මහ ඇමැතිකම බුද්ධිකට බලු මයිලක් තරම් නොවටී


දකුණේ මහ ඇමැතිකම බල්ලකුගේ පස්සා පැත්තේ ඇති රෝම කූපයක් තරමින්වත් නොවටිනා බවත්, එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවට එදා ලෙයින් කළ සලකුණු වෙනස් නොවන බවත් මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

මාතර පැවැති රැස්වීමකදී ඔහු පැවසූවේ තමාට අසූචි කෑමේ ප්‍රශ්නයක් නැති බවත්, රජයට එක්වන්නේදැයි බොහෝ දෙනා තමාගෙන් අසන බවත් ඔහු කීවේය.

රජයේ තනතුරුවලට එක්සත් ජාතික පක්ෂ හයර් කරන බව පෙනෙන්නේයැයි ද එසේ යන අයගේ හෘද සාක්ෂිය ගැන තමාට ප්‍රශ්නයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.