දකුණේ මහ ඇමති විරෝධතා ගොනු කරයි


ගාලු නගරාධිපති පදවියෙන් පහ කිරීමේ නියෝගය ශුන්‍ය සහ බල රහිත කරන ලෙස සර්ටියොරාරි   ආඥාවක් නිකුත් කරන ලෙස ගාල්ල හිටපු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා ගාල්ල මහාධිකරණයට ගොනු කළ පෙත්සමට දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතා ද, දකුණු පළාත් හිටපු පළත් පාලන කොමසාරිස් සමන් දර්ශන පාඬිකෝරාල මහතා ද අද විරෝධතා ගොනු කළහ.

ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා ඉදිරියේ පෙත්සම විභාගයට ගැනිණි.

විනිසුරුවරයා ඒ දෙදෙනා හැර සෙසු වගඋත්තරකරුවනට  නොතීසි නිකුත් කළේය.

ජනවාරි 17 වැනිදා තමා ඉවත් කරමින් ගත් තීරණය නීති විරෝධී බව හිටපු පුරපති කියයි. සාධාරණය ඉටුකරවා ගැනීමට අධිකරණයට පැමිණි බවත් අධිකරණයේ තීරණය හිස නමා භාරගන්නා බවත් මෙත්සිරි ද සිල්වා මහතා පැවසීය.

නඩුව විභාගයට ගැනීම පෙබරවාරි මස 13 දිනට කල්තැබීය.

මෙත්සිරි ද සිල්වා මහතා උසාවියෙන් නික්ම යන අයුරු