දකුණේ පහේ විභාගේ පිරිසකට පමණයි


පහ වසර සිංහල සිසුනට පමණක්  අද (20) දකුණු පළාතේ  ශිෂ්‍යත්ව  විභාග පෙරහුරුවක් පළාත් අධ්‍යාපන නිලධරයින්ගේ යෝජනාවක් අනුව පැවැත්විණි.දෙමළ සිසුන් වෙනුවෙන් එවැන්නක් නොපැවැත්විණි.

එය වරදක් බව  දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා කියයි.

දකුණු පළාතේ දෙමළ පාසල් 34 සිසුන් වෙනුවෙන් විභාගයක් පවත්වන බවත් ඔහු පවසයි. අද ඉරිදා (20) දහම් පාසල් දවසේ විභාගය පැවැත්වීම ද වැරැදි බව ඇමැතිවරයා කීවේය.