
(පද්මසිරි ගාර්දියවසම්)
මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන දෙකක අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි
තංගල්ල කුඩාවැල්ල දකුණු කුඩාවැල්ලේ දී සිදු වූ වෙඩි තැබීමකින් ධීවරයකු මියගොස් ඇත.
යතුරු පැදියකින් ආ නාඳුනන දෙදෙනකු එල්ල කළ වෙඩි තැබීමකින් නිමේෂ් රංග නමැති දෙදරුපියකු මියගොස් ඇත. මියගිය අයගේ සිරුර නාකුළුගමුව රෝහලට ඇතුළත් කර ඇත.
ඊට සුළු මොහොකට පසු වලස්මුල්ල ප්‍රදේශයේ දි සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇති අතර මියගිය අද මේ වනතෙක් හඳුනාගෙන නැත. මෙම වෙඩි තැබිම් දෙකම එක පුද්ගලයකු විසින් සිදු කළේය යන්න ගැන පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

