කුලී වාහන රැගෙන ව්‍යාජ ලේඛණ සාදා යාපනයේ දී උගස් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. යාපනයේ පදිංචි 23 හැවිරිදි මෙම පුද්ගලයා ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් කඩවත වාහන හිමියකුගෙන් වාහන 13 ක් වරින් වර රැගෙන ගොස් උගස්කැර ඇතැයි පොලීසිය පවසයි. ඔහු උගස් කළ කාර් හයක් හා වෑන් තුනක් සොයාගෙන ඇත.