දකුණු සුඩානයේ යුධමය වාතාවරණය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එරටට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව නවතා දමන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
මේ වන විට දකුණු සූඩානයේ ලාංකික ශ්‍රමිකයන් 70-75ත් අතර පිරිසක් සේවය කරන අතර ඇති වී තිබෙන අවදානම් තත්ත්වය මගහරවා ගැනීමට හා ආරක්ෂාව සදහා විදේශ අමාත්‍යංශය මගින් අවශ්‍ය කටයුතු ගන්නා බව ද එම කාර්යංශය සඳහන් කරයි.

