දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙසේ කඩ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී එහි පාලන අධිකාරීයට නියෝග කළේය.
ගාල්ල කොට්ටාව මං තීරුව පැත්තේ කඩ සාප්පුවල වැසිකිළි උතුරා ගොස් ඇත.
වැලිපැන්න සේවා පෙදෙසේ පාර දෙපැත්තේම ඇතැම් කඩ සාප්පුවල මිනිස් ආහාරයට නුසුදුසු පළතුරු,පිසු හා වියළි ආහාර,බිත්තර මස් මාළු ආදීය විනාශ කළ බව ද මතුගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාලක ජයසිංහ මහතා කියයි.




