දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා පිවිසුම් එකොළහක විද්‍යුත් පුවරු සවි කිරීමට යයි.
අන්තර්ජාතික මට්ටමේ විද්‍යුත් පුවරු රුපියල් දස කෝටියක ජපාන ආධාර යටතේ සවි කැරෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ ටී කේ රණසිංහ මහතා කියයි.
මුල්ම පුවරුව කහතුඩුව අසළ සවි කිරීමට නිලධරයෝ හා කාර්මිකයෝ හැට දෙනෙක් පමණ එක් වුහ.
එම මාර්ගයේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නංවා මාර්ගය පාවිච්චි කරන්නවුගේ පහසුකම් වැඩි කිරීම මෙහි අරමුණයි.
විද්‍යුත් පුවරුවලට අමතරව වැසි මාපක ද සවි කිරීමට නියමිතය.








