දකුණු සභාවට රතු ඇමතිකෙනෙක්


දකුණු පළාත් සභාවට සන්ධානය සමග ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කැර ජයගත් වීරසුමන වීරසිංහ මහතාට පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු, පරිවාස හා ළමාරක්ෂක ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් පැවරෙනු ඇතැයි පක්ෂ ආරංචිමාර්ග කියයි. ඔහු සඳුදා දිවුරුම් දීමට නියමිතය. මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කැර ජයගත් වීරසුමන විරසිංහ මහතා දෑරංගල පදිංචිකරුවෙකි.