දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතා අද උදෑසන කළුබෝවිල රෝහලේ දී අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා 1994 දී පත්කළ මන්ත්‍රීවරයකු ලෙස දකුණු පළාත් සභාවට පැමිණියේය. ඉන් පසු පැවති සෑම පළාත් සභා මැතිවරණයකින් ම මාතර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකැර ජයගත් වෙල්ලප්පිලි මහතා පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ද මනාප 20,708 ක් ලබා ගනිමින් පළාත් සභාවට තේරී පත්වූයේය. එහු එක්සත් ජාතික පක්ෂයේ හක්මන ප්‍රධාන සංවිධායකවරයා ද විය.

