දකුණු පළාත් ඇමැතිට හැඳුනුම්පත් දෙකක්


දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ඔහුගේ නමට නිකුත් කළ ජාතික හැඳුනුම්පත් දෙකක් පාවිච්චි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.

පසුගිය මැයි 31 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරා දමන බවට ඔහු කළ ප්‍රකාශය මත අත් අඩංගුවට පත්වූ අතර පසුව ඇප මත නිදහස් කෙරිණි.

ඔහු කළ කථාවේ වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක ඒකකයට පරික්ෂණ සඳහා ලබාදුන් බවත් එහි වාර්තාව මෙතෙක් ලැබී නැතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනි දිනට කල් තැබිණි.