දකුණු පළාත් ඇමැති උපුල් පොලිසියට භාරවෙයි


දකුණු පළාත් සභා ධීවර ඇමති ඩී.වී. උපුල් අද තිස්සමහාරාම පොලිසියට භාර විය.

පසුගිය 5 වැනි දා දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ දී ලුණුගම්වෙහෙර වැසියෙකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහු සොයමින් සිටියේය.

 ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

01-(1) 01-(3) 01-(6) 01-(7)