දකුණු කකුලේ වටිනාකම ලක්ෂ දාහතරයි


රුපියල්  ලක්ෂ දාහතරක් වටිනා රන් බිස්කට් දෙකක් දකුණු කකුලේ අලවාගෙන ඉන්දියාවේ චෙන්නායි  නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

රන්  බිස්කට් වල බර ග්‍රෑම් දෙසීයකි. රෙදිපිලි ව්‍යාපාරිකයෙකු වන සැකකරු  නිතර නිතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කර ඇති බව  රේගුව කියයි.

මේ  පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ජගත් පී. විජේවීර  මහතාගේ උපදෙස් පිට  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී එස්. නියාස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ටී.එස් පෙරේරා, පී.වයි.ඒ.එස්.සී කුමාරසිංහ, එන්.ඩී.සී සිරිසේන, ඩී.එම්.ජේ.සී  විමලදාස, එචි.ඩී.එස්.ටී පෙරේරා, අසංග ප්‍රියදර්ශන යන නිලධාරීන් විසින් සිදුකරනු  ලබයි.