දකුණු කකුලේ ආබාධයට වම් කකුලට සැත්කමක්


දකුණු පාදයේ  දණහිසේ අබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවකගේ වම් පාදයට ශල්‍ය කර්මයක් කර ඇතැයි දැරියගේ පියා පේරාදෙණිය  පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පිළිමතලාව විජේතුංග මාවතේ පදිංචි නවවැනි වසරේ ඉගෙනුම ලබන දැරිය කුඩා කල සිටම දකුණු පාදයේ දණහිස ළඟ ගැටිත්තක් තිබුණු බවත් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය 20 වැනිදා පේරාදෙණිය රෝහලේ 16 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇතැයි ද පසුව ඇය ශල්‍ය  කර්මයකට භාජනය කරන ලද බවත්  එයින් පසු දැරිය වාට්ටුවට ගෙනෙන විට දැක ඇත්තේ දකුණු පාදය වෙනුවට වම් පාදයේ ශල්‍ය කර්මයක් කර ඇති බවත්ය.

වෛද්‍ය වරයාගෙන් ඒ පිළිබඳව විමසා ඇතත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ 3 වැනිදා දකුණු පාදයට ශල්‍යකර්මය කරන බවයි. 

පේරාදෙණි රෝහලට ඇතුළත් කර සැත්කමට ලක් කල දැරියගේ වෛද්‍ය පරික්ෂණ අනුව වම් කකුලේද රෝගි තත්වය ඇති බව පේරාදෙණි ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩබිලිවු.ඡේ හේරත් මහතා  කියයි.

දැරියගේ ඇටවල අසාමාන්‍ය වර්ධනයක් ඇති බවත් රෝහලේදි ලක්කළ පරික්ෂණ වලදි වම් කකුලේද එම රෝගි තත්වය ඇති බවට තහවුරු වි ඇති නිසා වෛද්‍යවරයා වම් කකුලද සැත්කමට ලක් කර වම් කකුලේ ඇට වල සියුම් කොටස් රසායානාගාර පරික්ෂණ සදහා යොමු කර ඇති බවත් මෙම දැරිය කුඩා කළ සිටම ප්‍රතිකාර කල විකලාංග රෝග පිලිබද විශේෂඥ වෛද්‍යවරයා විදේශ ගත වි ඇති බවත් ලබන මස 8 වෙනිදා මෙරටට පැමිණීමෙන් පසු අවසන් තිරනයක් ගන්නා බවත්  මෙම සැත්කමට ලක්වු දැරිය සදහා රෝහලෙන් කිරිමට ඇති සියලු වෛද්‍ය පහසුකම් ලබා දිමට කටයුතු කර දිමට සියලු පහසුකම් ලබා දෙන බවත් පියාට පැවැසු බවත් රෝහල් අධ්‍යක්ෂ වරයා පැවැසිය.