රත්රන් ජාවාරමේ නවතම මාර්ගයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කරන බව හෙළිවී ඇතැයි ඉන්දීය ආදායම් අධීක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය සදහන් කර සිටි.
බංගලීදේශය, මියන්මාරය, නේපාලය සහ පකිස්ථානය ඔස්සේ ඉන්දියාවේ රත්රන් ජාවාරම වැඩි වශයෙන් සිදුව ඇතත් එම රටවල ආනයන බදු ඉහළ දැමීම නිසා ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව හරහා රත්රන් රැගෙන යාමට හේතුවී ඇති බව එම මණ්ඩලය පෙන්වා දී තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව හරහා රැගෙන ආ රත්රන් තොගයක් චෙන්නායි නගරය ඇතුළු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකදීම සොයා ගැණින.
ශ්‍රී ලංකාව ඇතුළු බංගලීදේශය, භූතානය, නේපාලය, මියන්මාර් යන රටවල රේගු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කලාපීය රැස්වීමකදී මෙම තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි ඉන්දියාවේ ආදායම් අධීක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය කියයි.

