දකුණු ආසියා තරුණ සමුළුව කොළඹ


පස්වැනි දකුණු ආසියාතික තරුණ සමුළුව දෙසැම්බර් මස 11 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේදී සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙහිදී දකුණු ආසියා කලාපය නියෝජනය කරමින් තරුණ නායකයින්, සමාජ ක්‍රියාකරුවන්, සිසුන් ඇතුළු 100කට අධික පිරිසක් එක් රැස්වී කලාපීය වශයෙන් වැදගත්කමක් උසුලන පොදු ප්‍රශ්න සාකච්ඡා කිරීමට සහ ඔවුනොවුන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

මෙවර සමුළුව ‘දකුණු ආසියාතික කලාපයේ සාමය, සහජීවනය හා තරුණ පරපුර ප්‍රවර්ධනය‘ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වේ.