අමල් වික්‍රමරත්න
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් වාහනයක් ගැනීමට පළාත් සභාවෙන් වෙන්කළ රුපියල් ලක්ෂ 430 ක මුදලින් වාහනයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත් එම මුදල දකුණු පළාතේ සංවර්ධන කටයුතු සදහා යොදාගන්නා ලෙසත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාට දන්වා ඇත.
දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත යවා ඇති ලිපියක් මගින් මේ බව දන්වා ඇත්තේ දකුණු පළාත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව ආණ්ඩුකාරවරයාට හිමි නිල වාහනය මිලදී ගැනීම සඳහා ආණ්ඩුකාරවරයාගෙන් විමසීම් ලිපියකට පිළිතුරු ලිපියක් යවමිනි.
එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති වැඩසටහන් සඳහා එම මුදල් යොදවා ජනතාවට සේවය කරන ලෙසයි.
.

