අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ පාකිස්තානය සහ දකුණු අප‍්‍රිකාව අතර එජ්බැස්ටන්හිදී අද (10) පැවැති තීරණාත්මක තරගයෙන් (දිවා/රාත‍්‍රි) දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 67 ක ජයක් ලබමින් තවදුරටත් තරගාවලියේ බලාපොරොත්තු රදවා ගැනීමට සමත් විය.
පාකිස්තාන දෙවැනි පරාජයත් ලැබීම නිසා විශේෂ සිද්ධියක් නොවුණ හොත් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කය හඹාගිය පාකිස්තානු පිල ඕවර 45 කදී ලකුණු 167 කට සීමා විය.
දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන ක‍්‍රීඩක රයන් මැක්ලරන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 19 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.
පාකිස්තානු නායක මිස්බා උල් හක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් සටන්කාමි ඉනිමක් ක‍්‍රීඩා කළ ද පන්දු 75 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 55 ක් ලබා සිටියදී හත්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
දකුණු අප‍්‍රිකානු පිල වෙනුවෙන් හසීම් අම්ලා සිය 20 වැනි එක්දින අර්ධ ශතක ලෙස පන්දු 97 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 81 ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු පුවරුව
දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම
දකුණු අප‍්‍රිකා කණ්ඩායම් ඉනිම
කොලින් ඉන්ග‍්‍රම් - ක.මු.කළා ප. මොහොමඞ් හෆීස් 20
හෂීම් අම්ලා - ඇ. මොහොමඞ් හෆීස් ප. සයීඞ් අජ්මාල් 81
ෆෆ් ඩු ප්ලේසී - ඇ. ෂොයිබ් මලික් ප. මොහොමඞ් ඉර්ෆාන් 28
ඒ. බී. ඞීවිලියර්ස් - දුවද්දී දැවී ගියා 31
ජේ. පී. ඩුමිනි - දුවද්දී දැවී ගියා 24
ඩෙවිඞ් මිලර් - ඇ. මිස්බා-උල්- හක් ප. ජුනයිඞ් ඛාන් 19
රයන් මැක්ලරන් - ක.මු.කළා ප. ෂොයිබ් මලික් 4
රොබින් පීටර්සන් - නොදැවී 16
ක‍්‍රීස් මොරිස් - දුවද්දී දැවී ගියා 1
ඒරන් පැන්ගිසෝ - දුවද්දී දැවී ගියා 0
අතිරේක 10
එකතුව ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී 234
කඩුලු වැටීම:
1-53, 2-122, 3-145, 4-186, 5-195, 6-203, 7-231, 8-234, 9-234
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
ලොන්වාබෝ සොත්සෝබි
පන්දු යැවීම:
මොහොමඞ් ඉර්ෆාන්: 7-1-27-1, ජුනයිඞ් ඛාන් : 8-0-45-1, මොහොමඞ් හෆීස්: 10-0-38-1, වහබ් රියාස් : 9-0-50-0, සයීඞ් අජ්මාල් : 10-0-42-1, ෂොයිබ් මලික්: 6-0-27-1
පකිස්ථාන කණ්ඩායම් ඉනිම
ඉම්රාන් ෆර්හාත් - ප. මොරිස් 2
නසීර් ජම්ෂෙඞ් - ඇ. සහ ප. සොත්සෝබි 42
මොහොමඞ් හෆීස් - ඇ. මිලර් ප. මොරිස් 7
ෂොයිබ් මලික් - ප. ඩුමිනි 8
මිස්බා -උල්- හක් - ඇ. අම්ලා ප. සොත්සෝබි 55
උමාර් අමීන් - ඇ. ඉන්ග‍්‍රම් ප. මැක්ලරන් 16
කම්රන් අක්මාල් - ඇ. ඩු ප්ලේසී ප. මැක්ලරන් 0
වහබ් රියාස් - ප. පැන්ගිසෝ 13
සයීඞ් අජ්මාල් - ඇ. ඉන්ග‍්‍රම් ප. මැක්ලරන් 5
ජුනයිඞ් ඛාන් - ප. මැක්ලරන් 4
මොහොමඞ් ඉර්ෆාන් - නොදැවී 0
අතිරේක 15
එකතුව ඕවර 45 කදී සියළු දෙනා දැවී 167
කඩුලු වැටීම:
1-4, 2-18, 3-48, 4-86, 5-129, 6-184, 7-148, 8-162, 9-167, 10-167
පන්දු යැවීම:
ලොන්වාබෝ සොත්සෝබි: 9-1-23-2, ක‍්‍රීස් මොරිස්: 7-0-25-2, රයන් මැක්ලරන්: 8-3-19-4, ඒරන් පැන්ගිසෝ: 10-0-50-1, ජේ. පී. ඩුමිනි: 7-0-26-1, රොබින් පීටර්සන්: 4-0-17-0