අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කාඩිෆ්හිදී අද (14) පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගය වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීම ප‍්‍රමාද වන තත්ත්වයකට පත්ව තිබේ.
දිවා තරගයක් වන මෙම තරගය එංගලන්ත වේලාවෙන් පෙරවරු 10.30 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.
දකුණු අප‍්‍රිකානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල තරග දෙකකට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 2 බැගින් ලබා දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටින අතර මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
වර්ෂාව හේතුවෙන් මෙම තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකට ප‍්‍රසාද ලකුණ බැගින් හිමිවන අතර එසේ වුවහොත් දකුණු අප‍්‍රිකාව ශුද්ධ ලකුණු වේගය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
‘බී’ කාණ්ඩයෙන් පාකිස්තානය මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී සිටින අතර මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායමට ද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.
ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා ‘බී’ කාණ්ඩයෙන් මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

