දකුණු අප‍්‍රිකා - කොදෙව් තරගය සමවෙයි


අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කාඩිෆ්හිදී අද (14) පැවැති තීරණාත්මක තරගය ඩක්වත් ලූවිස් න්‍යායට අනුව සමව අවසන් විය.

තරගය සම වීමෙන් දෙපිලටම ප‍්‍රසාද ලකුණ බැගින් හිමිවීමෙන් දෙපිල ප‍්‍රසාද ලකුණු 3 බැගින් ලබා සිටියේය. ඒ අනුව දකුණු අප‍්‍රිකාව ශුද්ධ ලකුණු වේගය අනුව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.

ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. ‘බී’ කාණ්ඩයෙන් පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් ඉවතට විසිවිය.

ජයග‍්‍රහණය සදහා  ඕවර 31 කදී ලකුණු 231 ක ඉලක්කය හඹාගිය කොදෙව් ඉනිමේ 27 වැනි  ඕවරයේ පළමු පන්දු යැවීමෙන් පසුව නැවතත් වර්ෂාව ඇද හැලීමෙන් තරගය අත්හිටුවීය. ඒ වන විට කොදෙව් පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටියේය.

වර්ෂාවෙන් හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වීමෙන් ඉනිමක්  ඕවර 31 කට සීමාවිය.

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල වෙනුවෙන් කොලින් ඉන්ග‍්‍රම් පන්දු 63 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 73 ක් රැස් කිරීමට සමත් විය.

 

ලකුණු පුවරුව

දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම

දකුණු අප‍්‍රිකා කණ්ඩායම් ඉනිම

කොලින්ඉන්ග‍්‍රම්    -    ඇ. ඩැරන්බ‍්‍රාවෝ ප. පොලාඞ්    73
හෂීම්අම්ලා    -    ඇ. ගේල් ප. සැමුවෙල්ස්    23
ඒ. බී. ඞීවිලියර්ස්    -    ඇ. ඩැරන්බ‍්‍රාවෝ ප. රාම්පෝල්    37
ජේ. පී.ඩුමිනි    -    ඇ. චාල්ස් ප. ඞ්වේන් බ‍්‍රාවෝ     2
ෆෆ් ඩුප්ලේසී    -    දුවද්දී දැවී ගියා    35    
ඩෙවිඞ් මිලර්    -    ඇ. සැමීප. ඞ්වේන් බ‍්‍රාවෝ    38
රයන් මැක්ලරන්    -    නොදැවී    7
රොබින් පීටර්සන්    -    නොදැවී    0
අතිරේක            15
එකතුව  ඕවර 31 කදී කඩුලූ 6ක් දැවී    230

කඩුලු වැටීම:
1-80, 2-124, 3-128, 4-153, 5-221, 6-229

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ක‍්‍රීස් මොරිස්, ඩිල්ස්ටේන්, ලොන්වාබෝ සොත්සෝබි

පන්දු යැවීම:
රවී රාම්පෝල්: 6-0-37-1, ටිනෝබෙස්ට්: 5-0-35-0, සුනිල් නරේන්: 7-0-47-0, ඩැරන් සැමී: 2-0-18-0, ඞ්වේන් බ‍්‍රාවෝ: 5-0-43-2, මාලන් සැමුවෙල්ස්: 2-0-14-1, කරන් පොලාඞ් : 4-0-30-1

 

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම

ක‍්‍රිස්ගේල්    -    ඇ. ඩුප්ලේසී ප. මොරිස්    36
ජොන්සන්චාල්ස්    -    ඇ. ඞීවිලියර්ස් ප. ස්ටේන්    16
ඞ්වේන් ස්මිත්    -    ක.මු.කළා ප. පීටර්සන්     30
මාලන් සැමුවෙල්ස්    -    ප. ස්ටේන්    48
ඩැරන් බ‍්‍රාවෝ    -    දුවද්දී දැවී ගියා    12
කරන් පොලාඞ්    -    ඇ. ස්ටේන් ප.මැක්ලරන්    28
ඞ්වේන් බ‍්‍රාවෝ    - නොදැවී    8
අතිරේක            12
එකතුව ඕවර 26.1කදී කඩුලූ 6ක් දැවී    190

කඩුලුවැටීම:
1-80, 2-75, 3-87, 4-104, 5-162, 6-190.

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ටිනෝ බෙස්ට්, සුනිල් නරේන්, රවීරාම්පෝල්, ඩැරන්සැමී

පන්දු යැවීම:
ජේ. පී.ඩුමිනි : 3-0-29-0, ලොන්වාබෝ සොත්සෝබි: 6-0-37-0, ඩිල් ස්ටේන්: 6-0-33-2, ක‍්‍රීස් මොරිස්: 4-0-30-1, රොබින් පීටර්සන් : 4-0-22-1, රයන් මැක්ලරන් : 3.1-0-34-1

 

කොලින් ඉන්ග‍්‍රම් පන්දුවට පහර දෙමින්...