සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල අතර අද (17 වැනිදා) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති පුහුණු එක්දින තරගයේදී ලකුණු 73 ක පහසු ජයක් අත්කරගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් විය. ලකුණු 272 ක ඉලක්කයක් කරා යමින් සිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම ඕවර 44.5 ක් අවසානයේදී ලකුණු 198 කට දැවී ගියේය.
25 වැනි ඕවරය නිමා වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටි නමුත් පන්දු 39 කදී සභාපතිගේ පිලේ අවසන් පිතිකරුවන් තිදෙනා පිටියෙන් ඉවත් කළ දකුණු අපි‍්‍රකානුවෝ පහසුවෙන්ම තරගය ජයගත්හ.
කලකට පසුව ජාතික සංචිතයට එක්වූ වමත් පිතිකරු ජෙහාන් මුබාරක්, අංක 7 පිතිකරුවා ලෙස සටන්කාමී පිතිහරඹයක යෙදෙමින් ලකුණු 42 ක් ලබාගත් නමුත් සභාපතිගේ පිල ගොඩගැනීමට එය ප‍්‍රමාණවත් නොවීය.
සුපුරුදු ආක‍්‍රමණශීලී පිතිහරඹයට අවතීර්ණ වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 23 කදී ලකුණු 23 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක්ම සිය ඉනිමට ඇතුළත් කරමිනි. එහෙත් දිමුත් කරුණාරත්නගේ දැවීයාමත් සමගින් ශී‍්‍ර ලංකා සභාපතිගේ පිල පසුපාදට තල්ලූ වූ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 21 කට දැවී ගියේ සභාපතිගේ පිලේ බලාපොරොත්තු අඩපණ කරමිනි.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අපි‍්‍රකානු පිල ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 271 ක් ලබාගත්තේය. ජේ. පී. ඩූමිනි පන්දු 100 කට මුහුණ දෙමින් ලකුණු 92 ක් ලබාගත්තේ සිය ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් කරමිනි.
කාසියේ වාසිය දිනාගත් දකුණු අපි‍්‍රකානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
හසිම් අම්ලා සහ ඇල්වීරෝ පීටර්සන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක් එක් කිරීමෙන් අනතුරුව පිටියට පිවිසි ඩූමිනි, ශී‍්‍ර ලංකා සභාපතිගේ පිලේ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් දකුණු අපි‍්‍රකානු ඉනිමේ නැංගුරම බවට පත්විය.
කොදෙව් සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි කරගත් තිසර පෙරේරා නැවතත් ජාතික සංචිතයට එක්වීමෙන් පසුව ඕවර 10 ක් යවමින් ලකුණු 49 කට කඩුලූ 2 ක් දවාගත් අතර ධම්මික ප‍්‍රසාද් ලකුණු 50 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකා කණ්ඩායම
දකුණු අප‍්‍රිකානු කණ්ඩායම
හෂීම් අම්ලා - දුවද්දී දැවී ගියා 31
ඇලවයිරෝ පීටර්සන් - ඇ.මුබාරක් ප.විමුක්ති පෙරේරා 43
ජේ. පී. ඩුමිනි - ප.ප‍්‍රසාද් 92
ඒ. බී. ඞීවිලියර්ස් - ඇ.සේරසිංහ ප.තිසර පෙරේරා 40
ෆෆ් ඩු ප්ලේසී - ඇ.උඩවත්ත ප.තිසර පෙරේරා 40
ඩෙවිඞ් මිලර් - ප.ප‍්‍රසාද් 2
රොබින් පීටර්සන් - නොදැවී 11
රයන් මැක්ලරන් - නොදැවී 1
අතිරේක 11
එකතුව ඕවර 50 කදී කඩුලූ 6ක් දැවී 271
කඩුලු වැටීම:
1-46 (හෂීම් අම්ලා), 2-95 (ඇලවිරෝ පීටර්සන්), 3-165 (ඒ. බී. ඞීවිලියර්ස් ), 4-247 (ජේ. පී. ඩුමිනි), 5-253 (ඩෙවිඞ් මිලර්), 6-265 (ෆෆ් ඩු ප්ලේසි)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
කි‍්‍රස් මොරිස්, ඒරන් පැන්ගිසෝ සහ මෝනි මෝර්කල්
පන්දු යැවීම:
ධම්මික ප‍්‍රසාද් : 10-0-50-2, විමුක්ති පෙරේරා : 10-1-50-1, තිසර පෙරේරා : 10-0-49-2, චතුරංග ද සිල්වා : 8-0-51-0, සචිත‍්‍ර සේරසිංහ : 3-0-09-0, ජෙහාන් මුබාරක් : 9-0-57-0
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම
කුසල් ජනිත් - ක.මු.කළා ප.මොරිස් 23
දිමුත් කරුණාරත්න - ඇ.ඞීවිලියර්ස් ප.මොරිස් 6
මහේල උඩවත්ත - ක.මු.කළා ප.රොබින් පීටර්සන් 12
ඇන්ජලෝ පෙරේරා - ඇ.රොබින් පීටර්සන් ප.ඩුමිනි 46
දිනේෂ් චන්දිමාල් - ඇ.අතිරේක ප.පැන්ගිසෝ 21
සචිත‍්‍ර සේරසිංහ - ඇ.ඞීවිලියර්ස් ප.මොරිස් 3
ජෙහාන් මුබාරක් - ඇ.මැක්ලරන් ප.රොබින් පීටර්සන් 42
තිසර පෙරේරා - ප.ඩුමිනි 19
චතුරංග ද සිල්වා - ඇ.මොරිස් ප.පැන්ගිසෝ 11
ධම්මික ප‍්‍රසාද් - ක.මු.කළා ප.රොබින් පීටර්සන් 0
විමුක්ති පෙරේරා - නොදැවී 3
අතිරේක 12
එකතුව ඕවර 44.5 කදී සියලූ දෙනා දැවී 198
කඩුලු වැටීම:
1-22 (කරුණාරත්න), 2-33 (කුසල් ජනිත්), 3-53 (මහේල උඩවත්ත), 4-102 (චන්දිමාල්), 5-111 (සේරසිංහ), 6-117 (ඇන්ජලෝ පෙරේරා), 7-155 (තිසර පෙරේරා), 8-182 (චතුරංග), 9-183 (ධම්මික ප‍්‍රසාද්), 10-198 (ජෙහාන් මුබාරක්)
පන්දු යැවීම:
මෝනි මොර්කල් : 3-0-13-0, ක‍්‍රීස් මොරිස් : 8-0-27-3, ජේ. පී. ඩුමිනි : 9-0-49-2, රයන් මැක්ලරන් : 8-1-29-0, රොබින් පීටර්සන් : 7.5-1-37-3, ඒරන් පැන්ගිසෝ : 9-0-39-2