ශ්‍රී ලංකාවේ පවතින ගැටළු වලට ශ්‍රී ලාංකිකයන් විසින්ම සකස් කරගන්නා කල්පවත්නා විසඳුමක් සඳහා දකුණු අප්‍රිකාව සහාය ලබාදෙන බව එරට ජාත්‍යන්තර සබඳතා හා සහයෝගීතාව පිළිබඳ ඇමතිනී එමිලි කෝනා මාෂාබානා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වන සැසිවාරය අමතමින් පැවසුවාය.
‘ශ්‍රී ලංකාවට 25 වන සැසිවාරය ඉතාම වැදගත්. රට අභ්‍යන්තරයේ ඇති ගැටළු සඳහා විසඳුම් සොයාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයි. ඒසඳහා ජාත්‍යන්තර ප්‍රජාවද ලංකාවට සහාය ලබාදිය යුතුයි.
දකුණු අප්‍රිකාවේ ගැටළු වලට අප විසින්ම පිළියම් සොයාගත්තා. ඒ නිසා ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ගැටළු වලට සොයාගැනීමට අවස්ථාවක් සලසා දිය යුතුයි. ශ්‍රී ලංකාව එකිනෙකා හඳුනාගත යුතුයි. එවැනි සංවාදයක් තුළින් ලංකාවට දීර්ඝ කාලීන පිළියම් සොයාගත හැකියි.

