මාතර - කොළඹ හා මාතර - කඩුවෙල අධිවේගී මාර්ග බස් සේවය අද පෙරවරුවේ ඇරැඹිණි.
ලංගම හා පෞද්ගලික බස් දින 24ක් තිස්සේ කඹ ඇදිල්ලකින් පසු අද පෙරවරු 8ට ඇරැඹි බස් සේවය රාත්‍රී 10 දක්වා පැවැත්වීමට නියමිතය.
මිනිත්තු 20කට වරක් බසයක් ධාවනය වන බවත්, ගාස්තුව රුපියල් 500ක් බවත් දැනගන්නට ඇත.
එහෙත් මහින්ද රාජපක්ෂ ජනපති දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ දකුණු අධිවේගී මාර්ගයේ කොළඹ-මාතර ගාස්තුව රුපියල් සියයකින් අඩු කරන බවයි.
ඇතැම් බස් වල වැසිකිළි, කැසිකිළි පහසුකම් ද ඇත.

