දකුණු ආසියාවෙන් ලංකාව මුලට


ජාත්‍යන්තර ”සේව්  ද  චිල්ඩ්රන් ” ආයතනය 2015 වර්ෂය  සඳහා සකස්  කළ “ලෝකයේ  මව්වරුන්ට හිමි තත්ත්ව දර්ශකය” ට අනුව ශ්‍රී ලංකාව එහි  92 වැනි  ස්ථානය  ලබාගෙන  ඇත. මෙම  දර්ශකයට  අනුව  ශ්‍රී  ලංකාව  දකුණු  ආසියා  කලාපයේ   රටවල්   අතර  ප්‍රථම  ස්ථානයට   පත්ව  ඇත. මෙම දර්ශකයේ  දී  මාලදිවයිනට ද හිමිව ඇත්තේ  92 වැනි   ස්ථානයයි.

”ලෝකයේ  මව්වරුන්  හිමි   තත්තවය  පිළිබඳ  දර්ශකයේ ” පළමු , දෙවැනි   හා  තෙවැනි  ස්ථාන  පිළිවෙළින්   නෝර්වේ, පින්ලන්තය සහ  අයිස්ලන්තය යන  රටවල්  ලබාගෙන  ඇති අතර දර්ශකයේ  අවසාන  රටවල්  මධ්‍යම ජනරජය, කොන්ගෝව  සහ  සෝමාලියාව  පත්ව  ඇත.

රටවල්   179 ක්   යොදාගෙන  සකස්   කළ  මෙම  දර්ශකයේ   සඳහා “කාන්තාවන්ගේ   සහ   ඔවුන්ගේ   දරුවන්ගේ   සෞඛ්‍ය තත්ත්වය , අධ්‍යාපනය  ලැබීමේ   හැකියාව, ආර්ථික දියුණුව සහ කාන්තා දේශපාලන සහභාගිත්වය”යන කරුණු පිළිබඳ  මෑතකාලින  දත්ත යොදාගෙන  ඇත.

නේපාලයට  114  වැනි   ස්ථානයට   ද , භූතානය 122 වැනි  ස්ථානය ද , ඉන්දියාවට  140 වැනි   ස්ථානය  ද, පාකිස්ථානයට   149 වැනි   ස්ථානය ද , ඇෆ්ගනිස්ථානයට   152  වැනි  ස්ථානය ද හිමිව ඇත.