දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්


(සිරංගිකා ලොකුකරවිට)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර්හුවමාරු අතර ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක ගින්නක් හටගෙන ඇත.

බසය වටෙන් ම දැඩි දුමාරයක් නගිමින් පවතින අතර, බසයේ ගමන් ගනිමින් සිටි මගීන් බස් රථයෙන් ඉවත්කරමින් සිටින ආකාරය ද දක්නට ලැබිණ.

මෙලෙස ගින්නක් හටගෙන ඇත්තේ කොළඹ සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් පැවැති බස් රථයකය. බස් රථයේ ගමනාන්තය කුමන නගරයක් ද යන්න මෙතෙක් පැහැදිළි නැත.

අද (16) සවස 3.45 ට පමණ මෙම අනතුර සිදුව ඇත.