දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසල පැවති උද්ඝෝෂණයක් නිසා එම මාර්ගයේ බස් සේවා අවහිර විය.
මීට ආසන්නම සිද්ධිය වුයේ එම පිවිසුම අසලදී ගම්වැසියෙකු රිය අනතුරකින් මිය යාමයි.
ගම්වැසියන් කියනුයේ පසුගිය කාලයේ මෙහි සිව් දෙනෙකු මිය ගිය බවයි. සුදුසු ආරක්ෂක තත්වයක් ඇති කරන්නැයි ඔවුහු ඉල්ලති.
දෙසීයක් පමණ උද්ඝෝෂකයෝ මළ ගෙදර අවසන් කටයුතු සිදුවෙමින් පවතිද්දි පාරට පැමිණ උද්ඝෝෂණය ඇරඹුහ.