(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රියක් එහි නාම පුවරුවක ගැටීමෙන් සිදු වු අනතුරකින් වෑන් රියෙහි ගමන් කළ කාන්තාවක් මිය ගොස් ඇගේ සැමියා, පුතා සහ දියණියන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ඇතැයි පොලිසියි පවසයි.
අද (26) උදෑසන මෙම අනතුර සිදු වී තිබේ.
තුවාල ලැබු සිව්දෙනා නාගොඩ රෝහලට ඇතුළු කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි බාල දියණිය කොළඹ ජාතික රෝහලට යවා ඇතැයි පොලීසිය කියයි.
වෑන් රිය පැදවු ඔවුන්ගේ පුත්‍රයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරින් වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇත.



