ශ්‍රි ලංකාවේ පාසල් අඩු ආදයම් ලාභි පවුල්වල ප්‍රධානත්වයෙන් මිලානෝ නුවර පැවැති රැස්වීමකදී පාසල් සිසුන්ට උපකාර කිරීමට සනත් නිශාන්ත පදනමේ මිලානෝ ශාඛාව පිහිටුවා ගැනිණි.
වයඹ පළාත් සභා හා මාර්ග සංවර්ධන ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ මෙම පදනමේ සභාපති ධුරයට ඇම්.පී චින්තක, උප සභාපති තනතුරට නිශාන්ත රංජිත්, ලේකම් ධුරයට ශෂි ලෝ, උප ලේකම් ලෙස නිලන්ත කොළඹගේ, භාණ්ඩගාරික ලෙස සුමේධ අබේසිංහ හා උප දේශක ලෙස රොෂාන් ජයමාන්න යන මහත්වරු පත්කර ගනු ලැබූහ.
මෙම පදනම මගින් අඩු ආදායම් ලාභි පවුල් වල දක්ෂ සිසු දරුවන් සඳහා ශිෂත්ව ද, දුෂ්කර පාසල්වලට පාසල් උපකරණ, ක්‍රිඩා උපකරණ ද සපයන බව එම පදනම කියයි.