තරිඳු ජයවර්ධන
අපාරධ ගණනාවක් අනාවරණය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රහස් පොලිසියෙන් ස්ථාන මාරු කිරීම වැරදි බවත් එසේ කර ඇත්තේ අපරාධකරුවන් බේරා ගැනීමට බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම ස්ථාන මාරුව නිසා පොලිස් පරීක්ෂකවරයාගේ ආරක්ෂාව ගැන ද ගැටලු මතුවන බව ද ඔහු කීවේය.
දක්ෂ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීම ගැන කණගාටු වන බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හුවකදීය. එහි දී මේ ගැන අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා මෙසේ කීවේය.
‘‘නිශාන්ත සිල්වා කියන්නේ දක්ෂ නිලධාරියෙක්. බරපතල අපරාධ ගණනාවක තොරතුරු අනාවරණය කළ නිලධාරියා. පොලිසිය දැන් තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ. නීති විරෝධී නියෝග පිළිපදිමින් මෙම නිලධාරියා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත්ට ලැජ්ජා නැද්ද? පොලිසියේ දක්ෂ නිලධාරීන් මාරු කරන්නද ආණ්ඩුව ගත්තේ?‘‘

