දංකොටු ඝාතන පිරික්සුම සී.අයි.ඩී. යට : පහක් පණ පිටින් පුළුස්සලා


දංකොටුව බුජ්ජංපොල ඝාතන පරීක්ෂණ රහස් පොලිසියට භාර දීමනෙියමිත බව පොලිස් මාධ්‍ය පුකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

බුජ්ජංපොල අතුරු පාරක දී වෑන් රථයක් ගිනි ගෙන ඇතැයි ද, පස් දෙනකුගේ සිරුරු හඳුනා ගැනීමට බැරි තරම් පිළිස්සී ඇතැයි ද ඔහු  කියයි.

වෑන් රිය අසල නොම්මර තහඩුවක් වැටී තිබී පොලිසිය සොයාගෙන ඇත.

ලේ පැල්ලම් කිහිපයක් ද ඇතැයි පොලිසිය පවසයි.

මෙය සැක කටයුතු සිද්ධියක් යැයි පොලිසිය කියයි.

මෙම වෑන් රියේ තිබී හමු වූ වෑන් රියේ අංක තහඩුව අනූව එය කොළඹ කොල්ලුපිටියේ පුද්ගලයෙකුට අයිති බව පෙනේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

 පිළිස්සී තිබූ වාහනයේ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මාරවිල අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා විසින් සිදුකැරිණි.

කළුතොට ෆිනෑන්ස් සමාගමට අයත් බව කියන ඩබ්ලිව්පී පීඑච් 1080 දරන අංකය ඇති වෑන් රථයක් වන එහි රියදුරු පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවකු විය හැකි බවත් කියති.

ඔහුගේ බිරිය එම වෑන් රිය හඳුනාගත් අතර පිළිස්සී ගිය මළ සිරුරු අතර සැමියාගේ සිරුර ඇත්දැයි හඳුනාගැනීමට ඇය අපොහොසත් වූවාය.

එම සිරුරු බෙහෙවින්ම පිළිස්සී තිබිණි. රිය පැදවූ පුද්ගලයා කපිල යනුවෙන් හඳුනාගෙන ඇති බවත් 10 වැනිදා රාත්‍රී 11ට පමණ ඔහු ජංගම දුරකථනයෙන් දියණියට කථා කළ බවත් මිතුරන් කිහිපදෙනකු සමග ගමනක් යන බවත් පවසා ඇතැයි කපිලගේ බිරිය පොලිසියට කියා ඇත. කපිලට එරෙහිව නඩු කිහිපයක් ඇති බවද ඔහු කල්බදු සමාගමක සීසර්වරයකු බවද කියති.

කොල්ලුපිටියේ පදිංචිකරුවකු ද 10 වැනිදා රාත්‍රියේ සිට ආගිය අතක් නැතැයි ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත.

කාර්මික දෝෂයක් නිසා වෑන් රථය ගිනි ගත් බව සිතීමට සාධක නැති බවත් මෙම ගැටුම පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවත් පොලිසිය සැකකරයි. 

පිළිස්සීගිය වෑන් රිය ආසන්නයේ සෙරෙප්පු දෙකක්ද, වෑන් රිය ආ මාර්ගයේ ලේ පැල්ලම් කිහිපයක් ඇති බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සඳහන් විය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධරයා හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය. වෑන් රියේ සිටි අය කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියයි.

මිය ගිය පුද්ගලයන් හඳුනා ගැනීම් අපහසු වුවහොත් ඩී.එන්.ඒ පරීක්ෂණයක් කිරීමට සිදුවන බවද ඔහු කීවේය.

img_160311.(1)jpg

04[2]

img_160311.(2)jpg img_160311

02[2] 03[1]

ජායාරූප - රවීන්ද්‍ර ලියනගේ

01[1] 04[1] 07[1]

ජායාරූප හේමලතා ඩී.හේවගේ

IMG_2865[1] IMG_2869[1]

ජායාරූප - චන්දන ප්‍රනාන්දු

Share2016-03-11-7e8b16461b8274511cef8beebb5c53966c54eac63399ff12d2b37be72d47e6e7-Picture[1] Share2016-03-11-748231063426729c25dc443f8000dc7e8b2e039c02edfa6999cfcc93cdd02bc6-Picture[1] Share2016-03-11-a757c4131b8320b29fe00e5e2724613e4c54fa4b2a110ed0c5c219a2b37834a1-Picture[1]

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ