දකුණු අප‍්‍රිකාව සහ පාකිස්තනය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 211 ක ජයක් ලැබීය.
තරගයේ සිවුවැනි දිනය වූ අද (04) පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 268 කට සීමා කිරීමට දකුණු අප‍්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ. ඬේන් ස්ටෙයින් ඉනිම දෙකේදීම ලකුණු 60 කට කඩුලූ 11 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම සියලූ දෙනා දැවී 253 සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 275
පාකිස්තානය පළමු ඉනිම සියලූ දෙනා දැවී 49 සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 268 (නසීර් ජම්ෂීඞ් 46, මිස්බා උල් හක් 64, අසාද් ශාෆික් 56, ඬේන් ස්ටෙයින් 52/5, වර්නන් පිලෙන්ඩර් 60/2, මොනේ මොර්කල් 89/2)