ත‍්‍රිත්ව සිංහයෝ තියුණු සටනකින් පෙරමුණ රැකගනිති


වෙස්ලි විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර සී. ආර්. පිටියේදී අද (03) පැවැති පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 22-19 ක තියුණු ජයක් ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැක ගැනීමට සමත් වූහ. 

වෙස්ලි විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-9 ක් ලෙස පෙරමුණේ පසුව ද ත‍්‍රිත්ව විදුහල දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණියේය.