පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) සිවුවැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ත‍්‍රිත්ව විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.
ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ සිවුවැනි සතියේ තරගයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි ශාන්ත පීතර විදුහල ලකුණු 35_25 ලෙස පාරජය කළහ. ත‍්‍රිත්ව විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 19.5 ක් ලබා සිටියි.
මහනුවර ධර්මරාජ විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු 18.5 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙයි.
පාසල් රග්බි පිටියේ ප‍්‍රබලතම පාසල් දෙකක් වන ඉසිපතන විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල සහභාගි වූ තරග හතරම පරාජයට පත්ව අවසන් ස්ථානවල පසු වෙති.
ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස ‘ඒ’ කාණ්ඩය
පාසල | තරග | ජය | පරාජ | වි/තො | ලැ/ල | දු/ල | අ/ප‍්‍ර | ප‍්‍ර/ල | සාමා. |
ත‍්‍රිත්ව | 4 | 3 | - | 1 | 125 | 91 | 2.0 | 19.5 | 4.88 |
ධර්මරාජ | 4 | 3 | - | 1 | 123 | 86 | 1.0 | 18.5 | 4.63 |
ශා. පීතර | 4 | 3 | 1 | - | 149 | 81 | 1.5 | 17.5 | 4.38 |
වෙස්ලි | 4 | 3 | 1 | - | 107 | 95 | 1.5 | 17.5 | 4.38 |
විද්‍යා | 4 | 2 | 2 | - | 92 | 74 | 2.0 | 14.0 | 3.50 |
රාජකීය | 4 | 2 | 2 | - | 82 | 93 | 0.5 | 12.5 | 3.13 |
ශා. ජෝශප් | 4 | 1 | 2 | 1 | 73 | 109 | 0.5 | 10.0 | 2.50 |
ශා. අන්තෝනි | 4 | 1 | 2 | 1 | 68 | 111 | 0.5 | 10.0 | 2.50 |
කිංග්ස්වුඞ් | 4 | - | 4 | - | 73 | 111 | 2.0 | 6.0 | 1.50 |
ඉසිපතන | 4 | - | 4 | - | 69 | 116 | 0.5 | 4.5 | 1.23 |
කෙටි යෙදුම්: වි/තො - විසඳුමකින් තොර, ලැ/ල - ලැබු ලකුණු, දු/ල - දුන් ලකුණු, අ/ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර/ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය