තෝණිගල ගල්කොරියක නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරලා


(ඔගස්ටින් ප්‍රනාන්දු)

ආනමඩුව තෝනිගල ප්‍රදේශයේ ගල්කොරියක නීතිවිරෝධි ලෙසින් ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ ( 18දා ) රාත්‍රියේ කළ වැටලිමක දි අත්අඩංගුවට ගත හැකිවු බව ආනමඩුව පොලිසිය කියයි.

ගල් කොරියක ගල් වෙඩි දැමීම පිණිස හොර රහසේ ලබා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගබඩා කර ඇති බවට ආනමඩුව පොලිසියට ලැබී තිබු තොරතුරක් අනුව  පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙම ගල් කොරිය පරීක්ෂා කිරිමේ දි රහසිගතව ගබඩා කර තිබු මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවු බවත් පොලිසිය කියයි.

පුපුරණ ද්‍රව්‍ය අතර ඩෙටනේටර්, ඇමෝනියම්, නයිට්ට්‍රෙට්, රතිඤ්ඤා, වෙඩි බෙහෙත්, ගල් වෙඩි බෙහෙත්, සේවා නූල් තොගයක්ද තිබු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තෝනිගල ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.