(තරිඳු ජයවර්ධන)
තොරතුරු දැන ගැනීමේ පනත හා ගැටෙන පනත් 110ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා පැවසීය.
තොරතුරු දැනග ගැනීමේ පනත ප්‍රමුඛ වන නිසා එම පනත් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි ද ඉදිරියේ එම කටයුතු සිදු කරන්නේයැයි ද කලංසූරිය මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යලෙයෙන් තොරතුරු ගනිද්දී අධික මුදලක් අය කිරීම ගැන මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය. ඒ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ යම් සමාගමක හිමි කාරීත්වය දැන ගැනීමට නම් සමාගම් රෙජිස්ටාර් කාර්යාලයට සෙවුම් ගාස්තු ලෙස රුපියල් 1000ක් සහ වැට් ගාස්තුද, පිටපත් ගාස්තු ලෙස රුපියල් 500ක් සහ වැට් ගාස්තු ද අය කෙරේ. සමාගම් 100ක හිමිකරුවන් සිය දෙනා කවුරුන්දැයි දැන ගැනීමට අවම වශයෙන් රුපියල් 150,000ක්වත් වැය වේ.

