ශ්‍රේෂ්ඨාධිකරණයේදී අඟහරුවාදා (28) කැඳවීමට නියමිතව තිබූ තොරතුරු දැකගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද පිළිබඳ යන්න ගැන විමසීම පසුවට කල් තැබේ.
එම පනත් කෙටුම්පත් දෙක අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, රෝහිණී මාරසිංහ සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (27) හා හෙට (28) පාර්ලිමේන්තුවේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් පිළිබඳ විවාදය පැවැත්වෙන හෙයින් එම විවාදය අවසන්වූ පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ හා ජාතික විගණන පනත් කෙටුම්පත් විභාගය ඉදිරි දිනක පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සහ ජාතික විගණන පනත් කෙටුම්පත් අන්තර්ගත වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අර්ථ නිරූපණ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළේය. මෙයට විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කළහ.

