ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත දින 100 තුළ සම්මත කරගැනීමට බලාපොරොත්තුවන බව ජන මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.
පසුගිය සමයේ රාජ්‍ය මාධ්‍ය නින්දිත අයුරින් කටයුතු කිරීම නිසා ඇතිවූ ප්‍රතිඵල ගැනද කී ඒ මහතා රාජ්‍ය මාධ්‍ය ජනතාවට සමීප කිරීමට කටයුතු කරන බවත් කීවේය.
හිංසනයට ලක්වූ හා අතුරුදන්වූ මාධ්‍යවේදීන් ගැන වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් සුදුවෑන්වලින් මාධ්‍යවේදීන් පැහැරගෙන යාමේ සංස්කෘතියට තිත තබන බවද ඔහු පැවසීය.

