තොරතුරු පනත අද සිට


තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

පනත අනුව ඕනෑම පුද්ගලයකුට අද (03) සිට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇති බවත්, තොරතුරු නිලධාරීන් පත්කර නොමැති ආයතනවල ආයතන ප්‍රධානියා එම තොරතුරු ලබා දීමේ වගකීමෙන් බැඳෙන බවත් එම ආරංචි සඳහන් කරයි.

 කෙනකු වාචිකව තොරතුරු ඉල්ලා සිටි විට එය සටහන් කරගත යුතු අතර ඉන් පසු ඉල්ලීම ගැන සලකා බලන්නට අදාළ නිලධාරීන් බැඳී සිටියි.