තොරතුරු පනත අඟහරුවාදා එයි


තොරතුරු දැනගැනීමේ පනත අඟහරුවාදා (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ලියාපදිංචි නොකර පවත්වාගෙන යන පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීමට රජය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේයකු නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ එය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව සිදුකරන බවයි.

මෙය මාධ්‍යවලට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කරන්නක් නොවන බව කී ඇමැති ලියාපදිංචි මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ලැබෙන ජනමාධ්‍ය හැඳුනුම්පත්, පුහුණු වැඩමුළු ආදියට සම්බන්ධවීමේ අවස්ථාව වෙබ් අඩවි මාධ්‍යවේදීන් හටද ලැබෙන බව කියා සිටියේය.

තමන්ට එම අවස්ථා ලබාදෙන ලෙස වෙබ් අඩවිවලින් ඉල්ලීම් කර තිබෙන බවද  ඇමැතිවරයා කීවේය.