අපරාධයකට ලක්වන්නන් හා සාක්කිකරුවන් ආරක්ෂා කරගැනීම සඳහා වන අංශයක් පොලිසියේ පිහිටුවන බව නීතීය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක මහතා කියයි.එම අංශය පිහිටුවීම සංකේතවත් කරමින් මෙම නිල ප්‍රකාශය සහිත මංජුසාව පොලිස්පති පුජිත ජයසුන්දර විසින් සාගල රත්නායක ඇමති වෙත පිළිගැන්විණි.
අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ,නීතීපති ජයන්ත ජයසුරිය නව අධිකාරියේ සභාපති සුහද ගම්ලත් යන මහත්වරුද එහි වූහ.