19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අඟහරුවාදා (27) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබියදී එම සංශෝධනයේ අඩංගු තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත හදිසි පනතක් ලෙස එදිනම ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයට යොමු කිරීම පරස්පර විරෝධී යැයි හිටපු විදේශ කටයුතු ඇමැති හා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී.ඇල්.පීරිස් අද ලංකාදීප එසැණට පැවසීය.
රටේ ආරක්ෂාවට හා විදේශීය සම්බන්ධතාවලට අතිශය වැදගත් වන මෙම තොරතුරු අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත හදිසි පනතක් ලෙස ඉදිරිපත් කිරීමද නරක පූර්වාදර්ශයක් වන බව ඔහු කීවේය.
එසේම එම පනත් කෙටුම්පත ගැන මහජනතාව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා නොදන්නා බවද පීරිස් මන්ත්‍රීවරයා කියා සිටියේය.

