තොරතුරු දැන ගැනීමේ පනත ගැන නිලධාරීන්වත් හරිහැටි දන්නේ නෑ


තොරතුරු දැන ගැනීමේ පනතේ බලතල ආයතන සංග‍්‍රහය ඇතුළු අනෙක් නීතිවලට වඩා බලාත්මක බව ජනතාව මෙන්ම බොහෝ රාජ්‍ය  නිලධාරින් දන්නේ නැතැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ව්‍යාපෘතියේ කළමණාකාරිනී සංඛිතා ගුණරත්න මහත්මිය පවසයි.

අමාත්‍යංශ 52 න් 50 කම තොරතුරු නිලධාරින් පත් කර ඇතත් තම රාජකාරි වපසරිය පිළිබඳව රාජ්‍ය ආයතනවල නිලධාරින් බොහෝ දෙනෙකු දැනුවත් නැතැයි ද අද (6) පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.