තොරතුරු තාක්‍ෂණ අතිරේක අධ්‍යක්‍ෂකත් කොමිසමට කැඳවයි


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර මහතා හෙට (4) කොමිසම හමුවට කැඳවීමට නියමිතය. 2015 පෙබරවාරී 1 සහ 2016 මාර්තු මස 31 අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කර තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කෙරේ.