තොරණ පුරෝගාමියා නෙත් පියාගනී


අම්බලන්ගොඩ තොරණ කලා ශිල්පියකුවූ නන්දන රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත විය.

තොරණ කලාව අම්බලන්ගොඩට හඳුන්වා දුන් ආර්.ඇම්. පුරෝලිස් ද සිල්වා මහතාගේ පුත්‍රයකු ද වන රාජපක්ෂ මහතා සිය පියාගේ ඇවෑමෙන් පසු තොරණ කලාවත්, සංදර්ශන පෙරහරවලට අලංකාර කැටයම් සහිත දේව කූඩු සෑදීම ඇතුළු තවත් කලා ශිල්ප හඳුන්වා දුන්නේය.

රාජපක්ෂ මහතාගේ දේහය අම්බලන්ගොඩ, හිරිකැටිය පාර, අංක 3 නිවසේ තැන්පත් කර ඇත. බ්‍රහස්පතින්දා (31) සවස 5 ට අම්බලන්ගොඩ පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

img_151230