කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනට වසර සියයක් පිරීම නිමිත්තෙන් ඉදි කළ තොරණ කඩා වැටී කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිහාල් එදිරිසිංහ මහතා බරපතල තුවාල ලැබීය.
වෛද්‍යවරයාගේ සුසුම්නාව බිඳී ඇතැයි ද ඔහු අද (13) කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
තොරණ කඩා වැටීමෙන් ත්‍රිරෝද රියක් ද පොඩිපට්ටම් විය.

