තොණ්ඩමන් යන්නේ නෑ


පශු සම්පත් ඇමැති ආරුමුගම් තොණ්ඩමන් සඳුදා රාත‍්‍රියේම සිය ඉල්ලා අස්වීම ඉවත් කැර ගත් බව ඔහුට සමීප ආරංචිමාර්ග කියයි. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඔහු සමග සාකච්ඡාවකින් පසුව ගැටළුව නිරාකරණය විය. පශු සම්පත් මණ්ඩලයේ නිලධාරියකු ඉවත් කරන ලෙස ඇමැති එහි සභාපතිට නියෝග කළ නමුත් ඔහු එය නොකළැයි ද එම ප‍්‍රශ්නය මත ඇති වූ අර්බුදයකින් පසු ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති කාර්යාලයට යැවී යයි ද දැනගන්නට ඇත.