මැකාවෝ රාජ්‍යයේදී පැවැත්වෙන මලල කී‍්‍රඩා තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී නියමිත ක්‍රමවේදයට කටයුතු නොකිරීම ගැන ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා විරෝධය පළ කර සිටී.
ඒ මහතා මෙසේද පැවසීය. ”මම මලල කී‍්‍රඩා සංගමයේ වගකිවයුතු තනතුරක් දරණ නිළධාරියෙක්. මට මේවා බලන් ඉන්න බෑ. මෙහෙම ගියොත් වෙන්නේ අපට සංගමයෙන් ඉල්ලා අස්වෙන්නයි. මැකාවෝ තරගාවලියට තේරීම් කළ ආකාරය වැරදියිිි. නමුත් තේරීම් වලදී නම් කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගැන මගේ විරුද්ධත්වයක් නෑ.
මේ ගැන මලල කී‍්‍රඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතාට වගේම කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාටත් මම පැමිණිලි කළා.
තේරීම් කමිටුවේ සමහර නිළධාරීන් මෙම සංචාරය තේරීම් කළේ මහ පාරේ ඉදගෙනයි. මෙම පත්කිරීම් කළ ලිපි කී‍්‍රඩා ඇමතිවරයාගේ අනුමැතියට යොමු කිරීමේදී දින වෙනස් කර තිබුණා. මේ ගැන මා කී‍්‍රඩා අමතිවරයාට කිව්වා.