තේක්ක කැපු හමුදා පිරිස හමුදා අත්අඩංගුවට


මහඔය රක්ෂිතයේ තේක්ක ගස් කැපු හමුදා ලුතිනන් හා සෙබළුන් අත් අඩංගුවට ගත් බව යුද හමුදාව කියයි.

සිය වගකීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් වැලිකන්ද බොරවැව යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධරයා ඉවත් කැර  යුද්ධාධිකරණ නඩුවක් පැවැරීමටද නියමිතය.

මෙවැනි වැරැදි වලට සම්බන්ධ අයට කිසිම ළිහිලක් හෝ සමාවක්  නොදක්වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක  කියයි.