තේ වත්තක පුළුස්සාදැමු කාන්තා මළ සිරුරක්


 

(ප්‍රසාද් රුක්මල් )

නමුණුකුල ගලපිටකන්ද තේ වත්තේ ප්‍රපාතයේ තිබු පුලුස්සා දමා ඝාතනයට ලක්වූ නාදුනන කාන්තා මළසිරුරක් අද (1) පස්වරුවේ සොයා ගත් බව ඇල්ල පොලිසිය පවසයි .

ගලපිටකන්ද තේවත්තේ තේ දලු නෙලීමට ගිය අයෙකු මෙම මළසිරුර දැක ලබා දුන් තොරතුරු මත මළසිරුර සොයා ගත් බවද පොලිසිය කීය .

මළසිරුර සොයා ගන්නා විටත් එය සම්පූර්ණයෙන් පුලුස්සා දමා හදුනාගැනීමට නොහැකි පරදි වනසතුන් කා දමා නරක් වී දුගඳ හමමින් තිබිනැයි පොලිසිය පැවසීය .

එම මළසිරුරේ එක් පාදයක් පමනක් පිළිස්සී නොතිබුනු බවත් සිරුරේ සෙසු කොටස් පිළිස්සී ගොස් විනාශ වී ඇතයි පොලිසිය සදහන් කලේය .

එම මළසිරුර අසල තිබී කාන්තා සෙරෙප්පුවක් සහ කලු පාට රෙදි කෑල්ලක් හමුවූ බවත් පොලිසිය පවසයි .